Spread the love

අනුරාධපුරයේ ඓතිහාසික අවුකන පිලිමයට සිවුරක් පැළඳවීම හේතුවෙන් එම ප්‍රතිමාවට හෝ අවට පුරා විද්‍යා සාධකවලට කිසිදු හානියක් සිදුව නැතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම තොරතුරු සනාථවී ඇත්තේ කලාප භාර පුරාවිද්‍යා නිලධාරීන්ගේ වාර්තා අනුව බවද දෙපාර්තමේන්තුව කියයි.

අදාළ සිදුවීමෙන් පසු අවුකන ප්‍රතිමාව ආශ්‍රිතව ස්ථානීය පරීක්ෂණයක් සිදුකර ඒ පිළිබඳව විහාරාධිපති හිමියන්ගෙන් ද ප්‍රකාශයක් ලබාගෙන ඇත.

තමන් වහන්සේ අනවබෝධයෙන් එය සිදුවූ බව උන්වහන්සේ පිළිගෙන ඇති බවද දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරියට එවන් ක්‍රියාවකට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ගත යුතු බවට විහාරාධිපති හිමියන්ට දන්වා ඇති බවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටි.