Spread the love

විදෙස් ගතවීමේදී ශ්‍රී ලංකාව ගැන අසත්‍ය ප්‍රචාර පතුරුවන ලෙසට ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා දෙමළ තරුණයින්ට අනුබලදී ඇතැයි යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත් පවසයි.

අද (28) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව තහවුරු කළේ, සිවාජිලිංගම් එලෙස උපදෙස් දෙන වීඩියෝ පටයක් ද මාධ්‍යයට නිකුත් කරමිනි.

මේ සම්බන්ධයෙන් කඩිනමින් නෛතික ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවද යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත් පැවසීය.

මේ පිළිබඳ වැඩි විස්තර ඉහත වීඩීයෝවෙන් නරඹන්න