Spread the love

ජනතාව විසින් ජංගම දුරකථනයක් අලුතින් මිලදී ගැනීමේදී අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විදුලි සංදේශ කොමිෂන් සභාව මහජන දැනුවත් කිරීමක් කරයි.

ඒ අනුව මිලදී ගැනීමට බලාපොරොත්තු වන දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්දැයි තහවුරු කරගත යුතුය.

මෙම තහවුරු කර ගැනීම කෙටි පණිවිඩයක් යොමු කිරීම මගින් සිදුකළ හැකි බව කොමිසමේ අනුකුලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය කියා සිටී.

ඕනෑම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ IMEI ලෙස ටයිප් කර හිස්තැනක් තබා අංක 15 කින් යුත් IMEI අංකය 1909 එවීමෙන් දුරකථනයේ සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගත හැකි බවද ඇය කියා සිටියාය.