Spread the love


නිමල් රාජපක්ෂ-

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට අපේක්ෂාකරන බැවින් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

ශ්‍රී ලංකා රජය හා ජපාන රජය අතර පැවති සාකච්ඡාවකදී මෙම ව්‍යාපෘතිය යළි ඇස්තමේන්තු කිරීමට අවධානය යොමුව තිබේ. එ් අනුව ලබන වසර තුළ පොදු පහසුකම් විතැන් කිරීම හා ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය යළි සක්‍රීය කිරීමට හැකි වනු ඇතැයිද ඇමති ප්‍රසන්න රණතුංග විශ්වාසය පළ කරයි.
සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සදහා මූලික ශඛ්‍යතා අධ්‍යයනයක් සිදුකර තිබිණි. එහි මාළඹේ සිට පිටකොටුව දක්වා වන ඉදිකිරීම් වලට අදාළව සවිස්තරාත්මක සැලසුම්, කොන්ත්‍රාත් ලේඛණ, ලංසු ලේඛණ ඇස්තමේන්තු හා අධීක්ෂණ සේවා සැපයීම සදහා ජාත්‍යන්තර උපදේශණ සමාගමක් පත් කෙරුණු අතර එම මූලික කරුණු වෙනුවෙන් වෙන් කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 120 කි.
මාළඹේ දක්වා පාංශු පරීක්ෂණ මෙන්ම පූර්ව ශඛ්‍යතා අධ්‍යයනය අවසන්ව තිබේ. ව්‍යාපෘතිය සදහා ඉඩම් අත්පත් කර ගැනීමද ආරම්භ කර ඇති අතර ඒ සදහා හදුනාගෙන ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර් 22 කි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසන්නේ බොහෝ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය අවසන් වී ඇති බවයි. එහෙත් අදාළ අත්පත් කර ගත් ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීමේ කටයුතු මෙතෙක් සිදු කර නොමැති බවයි.