Spread the love

මාතර දිස්ත්‍රික්කයේ හිටපු දේශපාලඥයෙක් සහ ඔහුගේ පුත්‍රයෙකු භාවිත කළ බවට සැක කෙරෙන නීති විරෝධීව එකලස් කරන ලද කැබ් රථයක් මාතර පොල්හේන ප්‍රදේශයේ හෝටල් පරිශ්‍රයක තිබී මාතර පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

19 97 අංකයට ලද තොරතුරකට අනුව මාතර පොලිසිය විසින් අදාළ වාහනය සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකය නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ.

අදාළ වාහනයේ වාහන අංකය සහ චැසි අංකය පරීක්ෂා කිරීමේදී අනාවරණවී ඇත්තේ එය ලොරි රථයක් ලෙස ලියාපදිංචි කර ඇති බවයි.

රජයේ රස පරීක්ෂකවරයා ද එම වාහනය පරීක්ෂා කිරීම සදහා ඉ දිරිපත් කිිිරීමට නියමිත අතර එම වාහනය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික්කයේ හිටපු දේශපාලඥයාගේ පුත්‍රයාගෙන් ද අද දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි.