Spread the love

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වෙයි

අද සිට 15 දා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527 කදී විභාගය පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවර අයදුම්කරුවන් 452,979 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට නියමිත අතර ඊට පාසල් අයදුම්කරුවන් 387,648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331ක් ඇතුළත්.