Spread the love

පසුගිය අරගල සමයේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ පසු නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා අග්‍රාමාත්‍ය වරයා ලෙස පත් කිරීමට සැලසුමක් තිබූ බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිස අගමැති ධුරට බාර ගැනීම එම සැලසුම බවත් හෙතෙම සදහන් කලේය.

මේ පිළිබඳව එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ද නීතිඥ සංගමය සාකච්ඡා කර තිබූ බවද හෙතෙම පැවසීය.

පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින්තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

ඔහු ඉන් පවසන්නේ තමාට මෙරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමේ වුවමනාවක් තිබූ බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සාවද්‍ය බවත් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් කනගාටුවන බවත්ය.