Spread the love

නිමල් රාජපක්ෂ 

මැලේසියාවේ සිට පැමිනි ඉන්දියන් ජාතිකයුතු ගේ ගමන් බෑගයේ සාරි අස්සේ සගවා තිබු රුපියල් මිලියන 25 ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමගින් ඉන්දියන් ජාතිකයා රේගු නිලධාරීන් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සීවලී අරුක්ගොඩ
මහතා පවසයි.
අදාල සැකකරු UL 315 දරන ගුවන් යානයෙන් පැමිනි ඉන්දියන් ජාතිකයෙකු වන අතර ඉතා රහසිගතව මත්ද්‍රව්‍ය සාරිතුළ ඉතා සුකෂම අයුරින් සගවා තිබු බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.
අක්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය හා සැකකරු වැඩි දුර පරික්ෂා පැවැත්වීම සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත බාරදි ඇත.