Spread the love

නාගොඩ -සුමන

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (06) ආරම්භ කිරීමට මේවන විට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජෙනරාල් එච්.ජේ.එම්.සී.අමිත් ජයසුන්දර මහතා පැවසීය.
විභාගය හෙට සිට මැයි 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙවර විභාගය සඳහා අපේක්ෂකයන් හාර ලක්ෂ පනස් දෙදහස් නමසිය හැත්තෑ නමයක් පෙනි සිටීමට නියමිතයි.
ඒ අතර පාසල් අයදුම්කරුවන් තුන්ලක්ෂ අසූ හත්දහස් හයසිය හතලිස් අට දෙනෙකු සිටිනු ඇත.
පෞද්ගලික විභාග අයදුම්කරුවන් හැට පන්දහස් තුන්සිය තිස් එක් දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටින බවද පැවසීය.
විභාග මධ්‍යස්ථානය දිවයින පුරා 3527ක් මේවන විට ස්ථාපිත කර තිබේ.
විභාගය ආරම්භ වීමට පැය භාගයකට පෙර සිය විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙස විභාග අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින බව විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.
මේ අතර විභාග ශාලා තුළ ජංගම දුරකථන ,ගණක යන්ත්‍ර ඇතුළු තහනම් ද්‍රව්‍ය රැගෙන යාම සපුරා තහනම්වේ.
විභාගය සඳහා සහභාගි වන කාර්‍ය මණ්ඩලයේ හතළිස් දහසක් පුහුණු කිරීමේ කටයුතු මේවන විට ක්‍රියාත්මක බවද පැවසීය.විභාග ශාලා ආශ්‍රිතව සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව වැඩිදුරටත් පැවසීය.

මේ අතර 2022/2023 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිපල මේ වනවිට නිකුත් කර තිබේ.
නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 49312 දෙනෙකු අයදුම් කර තිබූ අතර පිළිතුරු පත්‍ර දෙලක්ෂ පනස්දහස් තුන්සිය එකොළහක් සමීක්ෂණයට ලක් කෙරිණි.
අදාළ විභාග ප්‍රතිපල www.doenets.lk විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස නිවැරදිව විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය.