Spread the love

භාණ්ඩ හා සේවා මිල ගණන් අඩු නොකරන වෙළදුන් හා මිල ප්‍රදර්ශනය නොකරන වෙළදුන් සොයා දිවයින පුරා වැටලීම් සිදු කරන බව පාරිභෝගික අධිකාරීයේ සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා පවසයි.

ඉන්ධන, ගෑස් සහ විදුලි මිල ගණන් අඩුකර තිබුණ ද එම සහනය පාරිභෝගිකයින් වෙත ලබානොදෙන වෙළෙඳුන් සොයා ඹවුන්ට විරුද්ධව හා දිවයින පුරා හෝටල්, ආපන ශාලා හා අනෙකුත් වෙළෙඳසැල් අඛණ්ඩව පරීක්ෂා කිරීමටත් විශේෂ අවධානය යොමුකර වැටලීම් සිදුකිරීමට නිලධාරින්ට උපදෙස් ලබා දි ඇතැයිද පැවුසවේය.