Spread the love

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු දෙනා එම ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය පහළොස් දෙනෙකුගෙන් සමන්විතය.

ඔවුන් ඉල්ලා අස් වී ඇත්තේ වෙළඳ ඇමති නලින් ප්‍රනාන්දු මහතා විසින් කළ දැනුම්දීමක් මතයි.

ඒ අනුව නව අධ්‍යක්ෂ මණ්ඩල ලබන සඳුදා දිනයේ පත්කිරීමට නියමිතව ඇත.