සබරගමු මහ සමන් දේවාලයේ ආරක්ෂිත සේප්පුවට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත සිල් තැබීය.
හිටපු බස්නායක නිලමේ සේප්පුවේ රහස් අංකය අමතක බව දැනුම් දීම නිසා විගණන පරීක්ෂණය කිරීමට නොහැකි හෙයින් සේප්පුවට මෙසේ මුද්‍රා තබා ඇත.
සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ ජේ. එම්. මිගාර ජයසුන්දර මහතාගේ පාලනය පසුගිය දෙසැම්බර් 31 දයින් අවසන් විය.
ඒ අනුව මහ සමන් දේවාලයේ කටයුතු තාවකාලික බාරකාරවරයකුට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් පවරනු ලැබීය.
හිටපු බස්නායක නිලමේවරයාගේ කාලයේ කටයුතු සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයක් ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් අනතුරුව අරඹනු ලැබීය.
සේප්පුවට සිල් තැබීමෙන් අනතුරුව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ ලිඛිත උපදෙස් මත රත්නපුර වැඩබලන බෞද්ධ කටයුතු නියෝජ්‍ය කොමසාරිස් ත්‍රිමාන හෙට්ටිලාගේ දොන් නිහාල් මහතා රත්නපුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඒ බව දැනුම් දී ඇත.
රත්නපුර මහ සමන් දේවාලයේ භාණ්ඩ සමීක්ෂණයේ දී බඩු වට්ටෝරු පොතට අයත් ඇත් දළ හතරක් අඩු බවට රත්නපුර වැඩබලන බෞද්ධ කටයුතු නියෝජ්‍ය කොමසාරිස්වරයා කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කර වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය කටයුතු සිදු කරන ලෙසද පැමිණිල්ලෙන් ඉල්ලා
ඇත.