Spread the love

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස තවම සාකච්ඡා කර නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

ඒ සඳහා තවත් කාලය ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නිසා ඔහුට ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ප්‍රකාශ කළ හැකි බව ද, තමන් ඉදිරිපත් වීමට අදහසක් නොමැති බව ද මාධ්‍යවේදීන් විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම සන්ධානගතවීමක් සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇද්දැයි මෙහිදී මාධ්‍යවේදීන් විමසූ විට අනිවාර්යෙන්ම සන්ධානගත වන බවයි පැවසුවේ.