Spread the love

රිය අනතුරකට ලක්වීමෙන්අද (25) අලුයම ජීවිතක්ෂයට පත් වූ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත.

දේහය හෙට (26) පෙරවරු 10.30 ට පුත්තලමේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන යන බවයි වාර්තා වන්නේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා ආරච්චිකට්ටුව ප්‍රදේශයේ දී සිදුකිරීමට නියමිතයි.