Spread the love

සජිත් ප්‍රේමදාස මහතා බස් වලට වියදම් කරන මුදලට වඩා වැඩි මුදලක් අනුර කුමාර මහතා බස් වලට වියදම් කරනවා’ යයි පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙසේ පැවසීය.

ප්‍රශ්නය

ප්‍රේමදාස මහත්තයට බස් බෙදන්න සල්ලි කොහෙන්ද කියලා ජනාධිපතිතුමා අහනවා? ඇත්තටම ඒ සල්ලි කොහෙන් එනවා ඇත්ද ?

පිළිතුර

මම නම් සජිත් ප්‍රේමදාසත් නෙමෙයි. එතුමාගේ විගණකත් නෙවෙයි. නමුත් මේක සාධාරණ ප්‍රශ්නයක්. හැබැයි ජනාධිපතිතුමාට එතුමාගේ හිත මිත්‍ර අනුර කුමාරට රටපුරා බස්වලින් සෙනඟ අඳින්න සල්ලි කොහෙන්ද කියලා අහන්න නම් අමතක වුනා. ජනාධිපතිතුමා අනුර කුමාර මහත්තයා ගැන කතා කරන්නේ මා මිත්‍ර අනුර කුමාර කියලා.

මෑතකදී මැතිවරණයට හඳුන්වා දුන් නීතිත් එක්ක මැතිවරණයට දරණ වියදම මැතිවරණයේ අවසන් වූ වහාම තමන්ගේ ගිණුම් සකස් කරලා මැතිවරණ කොමිසමට දන්වන්න ඕනෑ.

නමුත් අවාසනාවකට මැතිවරණ සමය ලෙස සලකන්නේ නාමයෝජනා භාරදුන් දිනයේ සිට ඉදිරියටයි. ඒ නිසා මැතිවරණයට කලින් කරන මේ වියදම් ඒ නීතිය යටතට ගැනෙන්නේ නෑ. නමුත් සදාචාරය යටතට ගැනෙනවා.

මට නම් පේන විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමා බස් වලට වියදම් කරන මුදලට වඩා වැඩි මුදලක් අනුර කුමාර මැතිතුමා බස් වලට වියදම් කරනවා. එතකොට ඒ බස් හා මේ බස් සඳහා මුදල් ආවේ කොහොමද කියලා මේ නායකයෝ රටට හෙළි නොකළොත් රට කම්බස් කියලයි අපිට කියන්න වෙන්නේ.