Spread the love

ඇල්පිටියේ ඊයේ පස්වරුවේ පැවැති සමගි ජන බලවේගයේ රැස්විමකට පැමිණි අයකු බස් රථයකට යට වී මිය ගිය බව ඇල්පිටිය. පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ, වඳුරඹ මා බොටුවන පදිංචි, රත්නායක මුදියන්සේලාගේ රත්නායක බණ්ඩා නමැති, පනස්හත් හැවිරිදි අයෙකි.

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීම සඳහා ඊයේ (11) ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී රැස් වීමක් සංවිධාන කර තිබූ අතර, එම රැස්වීම සඳහා ගාලු දිස්ත්‍රික්කයේ සියලුම ආසන නියෝජනය කරමින් සමගි ජන බලවේගයේ පාක්ෂිකයෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

එම රැස්වීම. මෙතෙක් ඇල්පිටිය නගරයේ තිබූ විශාල ජනකායක් එක්ක්රැස් වූ රැස්වීමක් බව ප්‍රදේශ වාසීන් පවසන අතර, රැස් වීම අවසානයේ පැමිණි පිරිස ගම්බිම් බලා යෑමේදී ඇල්පිටිය පොලිසියට නුදුරුව අම්බලන්ගොඩ ඇල්පිටිය පාරේ කුරුඳුගහහැතැප්ම නගරයට ආසන්නයේදී රැස්වීම සඳහා සෙනග ප්‍රවාහනය කළ බස් රථයකට යට වීම නිසා එම රැස් වීමට පැමිණි මෙම පුද්ගලයා බරපතළ තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙන බව ද පොලිසිය කියයි.