Spread the love

රජය මෙවර මිහින්තලා පොසොන් ආලෝක පූජාව නොසලකා හැරියත් ජනතාවගෙන් ලද සහයෝගයෙන් ආලෝක පූජාව සාර්ථක කරගැනීමට හැකිවූ බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි පවසයි.

මිහින්තලා පොසොන් ආලෝක පූජාව අවසන් කරමින් අද (04) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

“අති උතුම් මිහිදු මහ රහතන් වහන්සේට ආලෝකය දෙන්න බැරි වුණා. විදුලිය දෙන්න බැරි වුණා ආණ්ඩුවට. විදුලි ආලෝකය ලිමිට් කළා. අන්ලිමිටඩ් කළා අපේ ජනතාව. ලක්ෂ 60ක් ඉල්ලුවා ආලෝක පුජාව කරන්න. ලංකාවේ මිනිස්සු එකතුවෙලා කෝටියක් දුන්නා අද වෙනකොට. සත පනහ රුපියල එකතුකළා මම මේ පාත්‍රය අරගෙන. මිනිස්සු මට මේ පූජාව කරන්න සල්ලි දුන්නා. පාත්‍රා ධාතුව පිහිටුවේ අඹතලා ගලේ. ඒක ජයග්‍රහණය කළා. මට චෝදනා කළා. හඬ පට, ඡායාරූප ඉදිරිපත් කරලා මාව ඝාතනය කරන්න සැලසුම් කළා. ඒ නිසා පොලිස්පතිතුමා හොයන්න ඒ හඬපට හැදුවේ කවුද කියලා. බයත් නෑ. ණයත් නෑ මම. ඒ නිසා සමස්ථ රට වැසියනි එකතුවෙන්න අපි නායකත්වය දෙන්නම්. ඡන්දේ ඉල්ලන්න හොඳ මිනිස්සු අපි යොමු කරන්න ඕනේ. ආගම් අදහාගෙන එයි ඉදිරි මැතිවරණ වලදී . තේරුම් ගන්න බුදු හමුදුරුවෝ අපිට කිව්වේ සිඟාලෝවාද සූත්‍රය. ඔයා කියන්න ඕනේ නෑ අපිට කළමනකරණය කරන්න. ඒ නිසා අපි හොඳටම කළමනාකරණය කරගෙන මේ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩලා අති සාර්ථක පෙරහැරක්, ලක්ෂ 5කට වැඩි සෙනඟක් හිටියා. අද මේ වෙනකොට ලක්ෂ 25කට ආසන්න පිරිසක් ආවා දැනුත් වැල නොකැඩී එනවා.”