Spread the love


නිමල් රාජපක්ෂ-

බෙලිඅත්ත සිට මහව හංදිය බලා ධාවනය වන රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියට මිදිගම දුම්රිය හරස් මාර්ගයේ දී උදෑසන 11 ට පමණ විදෙස් සංචාරකයින් රැගත් මෝටර් රථයක් ගැටී මෙන් තිදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගතකර තිබේ.

එම අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුල විදේශීය සංචාරකයන් දෙදෙනෙකු ගමන් කොට ඇත. එම අනතුර හේතුවෙන් එහි සිටි දේශීය මඟ පෙන්වන්නා සහ එක් විදේශීය සංචාරකයෙකු ඇතුලු දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
දුම්රිය ඉදිරියට යාම සඳහා සංඥා ලබා දී තිබිය දී , හා එම දුම්රිය හරස් මාර්ගයේ බෙල් ඇන්ට් ලයිට් සංඥ ක්‍රියාත්මකව තිබිය දී මෙම මෝටර් රථය අනාරක්ෂිත ලෙස ගමන් කිරීම නිසා මෙම අනතුර සිදුවඇතැයි දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි්‍