Spread the love

ආන්දෝලනයට තුඩු දුන් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම මානව හිමිකම් කොමිෂන් සභාව දෙන නිර්දේශ වලින් අනතුරුව සිදුකිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කර තිබේ.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා විමර්ශනයක් ආරම්භ කෙරිණි.

ඉන් අනතුරුව විභාග දෙපාර්තමේන්තුව සදහන් කර සිටියේ විභාගයේ ප්‍රශ්න 03ක් පිටව ඇතිබවයි.

ඒ සඳහා නිදහස් ලකුණු ලබාදීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ අතර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම වලක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශේෂ්ඨාධිකරනයට (15) මූලික අයිතිවාසිකම් පෙත්සම ගොණුකෙරිණි.

ඒ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනීසිටි ශිෂ්‍යන් ඇතුළු ශිෂ්‍යයන්ගේ දෙමව්පියන් 54 දෙනෙකු විසිණි.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගය පැවැත්වීමට නියෝග කරන ලෙසද ඉල්ලා තිබේ .