නිමල් රාජපක්ෂ-
ආසියාන් සංවිධානයේ සභාපතිත්වය දරන ඉන්දුනීසියානු තානාපති තුමිය හා එම සංවිධානයේ සාමාජික රාජ්‍යයන් වන තායිලන්ත, මියන්මාර, මැලේසියානු, වියට්නාම් රටවල මෙරට තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන්, ඇතුළු පිරිසක් 4 වන දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයෙදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා අතර සුහද හමුවක් පවත්වන ලදි.
පළාතේ ව්‍යවසායකත්වය විදහා දක්වන දේශීය නිෂ්පාදන ප්‍රදර්ශනයක් මෙහිදී සූදානම් කොට තිබූ අතර මෙම නිෂ්පාදන රැසක් පිළිබද තානාපතිවරුන්ගේ අවධානය යොමු වීම තුළ ආසියාන් සංවිධානයේ සාමාජික රාජ්‍යයන් වල වෙළද පල සදහා මෙම නිෂ්පාදන යොමු කිරීම සඳහා සූදානම් බව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
Post Views: 2000 98