Spread the love

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ රැකියා අවස්ථා රැසක් විවෘතවී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

කම්කරු ඇමතිවරයා ජපාන රජයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම රැකියා අවස්ථා හිමිවි තිබේ.

ඒ අනුව එම ශ්‍රමිකයින් තෝරාගැනීම සදහා වන පරීක්ෂණ මෙම වසරේ ජුනි මාසයේදී ආරම්භ වන බවයි මනුෂ නානායක්කාර අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අමාත්‍යවරයා සහ ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කරන්නන්ගේ සංගමය අතර ඊයේ (28) දිනයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය වී තිබේ .

N4 මටටමේ ජපන් භාෂා ප්‍රවීණතාවය ලබාගත් අයට SSW කාණ්ඩය යටතේ මේ සදහා සුදුසුකම් ලබන අතර සුදුසුකම් තහවුරු කරගැනීමේ පරීක්ෂණ කොටස් දෙකකින් සමත්විත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.