ගෞරවනීය ශ්‍රී ලංකික රාජ්‍යයේ පදනම සැළසුම් කරන, මෙහෙවරට, දැක්මට මග පෙන්වන බුද්ධිමය සම්පත් උත්පාදනය කරන, දේශපාලනඥයාට නිවැරදි මඟ පෙන්වන ආයතනයක් බවට ශ්‍රී ලංකා පදනම් ආයතනය පත්විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ වත්මන් ක්‍රියාකාරීත්වය සොයා බැලීම වෙනුවෙන් සිදු කළ නිරික්ෂණ චාරිකාවකට පසුගියදා එක්වෙමින් පදනම් ආයතන කාර්යමණ්ඩලය අමතමිනි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ වර්තමානයේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා පදනම් ආයතනය මේවන විට ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වැඩිහිටි අධ්‍යාපන හා පුහුණු මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක වේ. මෙම ආයතනයේ එක් එක් අංශ නිරික්ෂණය කළ අමාත්‍යවරයා පදනම් ආයතනයේ සභාපති, අධ්යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය සමග සාකච්ජාවක ද නිරත වෙමින් ආයතනයේ ගමන් මග පිළිබදව දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලීමක් සිදුකරන ලදී.
පර්යේෂණ, බුද්ධිමය සාකච්ඡා නිරතුරුව පදනම තුල සිදුවිය යුතු බවත්, පදනමේ සේවය කරන සියළු පිරිස් රාජ්‍යයේ ගමන් මඟ තීන්දු කරන ප්‍රධාන පෙළේ වැදගත්ම පුරවැසියන් සහ නිලධාරින් බවට පත්විය යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදි. රජයේ ඉදිරි දැක්ම හදුනාගෙන කටයුතු කලයුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා ඊට අවශ්‍ය පහසුකම් ලබාදීමට රජය නිරන්තරයෙන් කැපවන බවද සදහන් කලේය.
චෝදනා කොතෙක් එල්ල වුවද සමස්ථ අමාත්‍ය මණ්ඩලයම වෙහෙස නොබලා සම්පූර්ණ කාලයම කැපකරමින් ශ්‍රී ලංකා රාජ්‍යයට යහපත් පදනමක් ගොඩනැගීමේ කර්තව්‍ය නොපිරිහෙලා ඉටුකිරීමට කැපවී කටයුතු කරමින් සිටින බව තමා වගකීමකින් යුතුව ප්‍රකාශ කරන බව සදහන් කලේය.
එවන් ආකාරයකින් කැපවීම් සිදු නොකර, නිසි අධ්‍යනයකින් තොරව දත්ත, තොරතුරු මත පදනම් නොවී ජනාධිපති, අගමැති, ඇමැති වීම හෝ බලයෙන් හිස උදුම්වා ගෙන හිතුමතේ ගන්නා ලද තීන්දු තීරණ ක්‍රියාත්මක කිරිම නිසා පසුගිය කාලයේ ඇතිවූ ගැටළු මෙරට ජනතාව ඉතා හොදින් අත්වින් ද බවද එවන් තත්ත්වයක් අනාගතයේ යළි ඇති නොවීමට වර්ථමාන රජය කටයුතු කරන බවද අමාතවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, ශ්‍රි ලංකා පදනම් ආයතනයේ සභාපති එස්.එමි සමන් සමරකෝන්, අධ්යක්ෂ ජනරාල් රිද්මා ගුණසේකර යන මහත්ම මහත්මීන් සහ අධ්යක්ෂ මණ්ඩලය හා කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් පිරිසක් එක්ව සිටියහ.