Spread the love

දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ විදුලි ගාස්තු සමග සැසඳීමේදී මෙරට විදුලි පාරිභෝගිකයන් ඉහළ විදුලි බිලක් ගෙවන රටවල් අතර සිටින බව බලශක්ති උපදේශක ආචාර්ය තිලක් සියඹලාපිටිය පවසයි.

මේ අතරින්, වාණිජ පරිභෝජනය සම්බන්ධයෙන් විදුලි දෙවන ඉහළ අගයක් ගන්නා රට ලෙස මෙරට සඳහන් වන බවත් එහි පළමු රට සිංගප්පූරුව බවත් ඔහු සඳහන් කරයි.

මධ්‍යම ප්‍රමාණයේ නිවාස අතරින් විදුලි ගාස්තු ගෙවීමේ මිල ගණන් අතරින් ඉහළින් ම සිටින්නේ සිංගප්පූරුව බවත් දෙවන ස්ථානය පිලිපීනය බවත් තෙවන ස්ථානය ලංකාව බවත් හෙතෙම සඳහන් කරයි.

කර්මාන්තශාලා විදුලි මිල ඉහළත්වය අනුව සිංගප්පූරුව, හොංකොං හා ශ්‍රී ලංකාව සිටින බවත් ඔහු පවසයි.

“මෙතැන් එහාට විදුලි මිල වැඩි කරන්න බෑ. දැනට අතිවිශාල විදුලි මිලක් තියෙන්නේ” යැයි ද හෙතෙම කියා සිටී.

ඔහු මේ බව පැවසුවේ, විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව සංවිධාන කළ මහජන අදහස් දැක්වීමේ අවස්ථාවට ඊයේ (ඔක්. 18) එක් වෙමිනි.