Spread the love

මාලදිවයින සහ ශ්‍රී ලංකාව ‘හෙපටයිටිස් බී’ රෝගය පාලනය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඊයේ (17) නිවේදනය කළේය.

ඒ අනුව මාලදිවයිනට හා ශ්‍රී ලංකාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව හිමි ව තිබේ.

හෙපටයිටිස් බී එන්නත් මාත්‍රාව සම්බන්ධයෙන් දෙරට තුළ නිරන්තරයෙන් ඉහළ ආවරණයක් ඇති බව විශේෂඥ මණ්ඩලයක් විසින් තහවුරු කිරීමෙන් පසු ව මෙම ප්‍රකාශය සිදු කර ඇත.