Spread the love


සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති දෙවන විස්සයි විස්ස තරගය ලකුණු 73 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් ලබාගත්තා.

පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 54 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 26 ක්, කුසල් පෙරේරා ලකුණු 24 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 16 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 89 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සිය මංගල විස්සයි විස්ස තරගය සඳහා ක්‍රිඩා කළ දුනිත් වෙල්ලාලගේ කඩුලු 3 ක්, චරිත් අසංක කඩුලු 2 ක් හා වනිඳු හසරංග කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව තරග 3 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය කණ්ඩායම් දෙකම තරග එක බැඟින් ජය ගනිමින් තරග 1 ට 1 ක් ලෙස සම තත්ත්වයේ පසුවනවා