Spread the love

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය කඩුලු 5 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වෙන් පන්දුවට පහරදීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 36 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකණු 189 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Sherfane Rutherford ලකුණු 80 ක් හා Gudakesh Motie නොදැවී ලකුණු 50 ක් ලබා ගැනීමට සමත් වුහ.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හරසංග කඩුලු 4 ක් හා මහීෂ් තීක්ෂණ හා අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැඟින් බිඳ හෙළීමට සමත් විය.

ඒ අනුව තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 35 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

පන්දුවට පහරදීමේදී නිෂාන් මදුෂංක හා සධීර සමරවික්‍රම ලකුණු 39 බැඟින් සහ නොදැවී පන්දුවට පහරදුන් චරිත් අසලංක ලකුණු 62 ක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුහ.