Spread the love

බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රථම සභාපති ලෙස කටයුතු කළ ශ්‍රීමත් බාරොන් ජයතිලක මහතාගේ 155 වන ජන්මෝත්සවයබෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී පැවැති අතර ඒ නිමිත්තෙන් පැවති උත්සවයේදී මූලාසනය ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ හොබවනු ලැබුහ.

බෞද්ධ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායකගේ සහභාගීත්වයෙන් පැවති මෙම ජන්ම දින සැමරුමේ දී ශ්‍රීමත් ඩී.බී ජයතිලක මහතා වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකරනු ලැබුහ.

ශ්‍රීමත් ඩී.බී ජයතිලක මහතාගේ ඥාතීන්ගේ ද සහභාගීත්වයෙන් ශ්‍රීමත් ඩී.බී.ජයතිලක අනුස්මරණ ශිෂ්‍යත්ව කමිටුව මගින් ගිහි – පැවිදි විශ්ව විද්‍යාල,පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රධානය කරනු ලැබුහ.

වෘත්තීය ජීවිතයේ උගුර කන නාසය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරියක් ලෙසින් බොහෝ පිරිසකට කථන හැකියාව ලබා දෙමින් කරන ලද උදාරතර මෙහෙය අගයමින් සංජීවනී රූපසිංහ වෛද්‍යතුමිය වෙත බොදු මහා සමුළු ගෞරව ප්‍රණාම සම්මානය අමාත්‍ය විදුර වික්‍රමනායක විසින් පිරිනමනු ලැබූ අතර නෙකුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනමනු ලැබුහ.
. ශ්‍රීමත් ඩී.බී ජයතිලක පිළිබඳ රචිත ග්‍රන්ථයක් ද එතුමන්ගේ ඥාතී දනුක සමරසිංහ මහතා විසින් අමාත්‍යතුමන් වෙත ප්‍රධානය කළහ.


.