Spread the love

පාසල් නිවාඩුව නිමවිමට පෙර ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා වන්දනාකරුවන් අති විශාල පිරිසක් මෙම සති අන්තය තුලදි පැමිනිමත් සමග නල්ලතන්නිය ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක්ද හට ගෙන ඇත‍.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. ඒ. පි. එස්. වීරසේකර මහතා පවසන ලද්දේ මෙම සති අන්තය තුලදි ශ්‍රිපාදය වන්දනා කිරිම සදහා අති විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිනි බවත්ය‍.

මෙම වන්දනාකරුවන් පැමිනි රථ වාහනවලින් නල්ලතන්නිය රථ ගාල් තුනම පිරි ඇති බවත් එයට අමතරව වන්දනාකරුවන් පැමිනි රථ වාහන රාශියක් නල්ලතන්නිය සිට මස්කෙළිය මාර්ගයේ මෝහිනි ඇල්ලද පසු කරමින් නතර කිරිමට පියවර ගෙන ඇති බවත්ය.

මෙසේ ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනෙන සියළුම වන්දනාකරුවන්ගේ ආරක්ෂාව සදහා හැටන් පොලිස් අධිකාරි නිපුන දෙහිගම මහතාගේ උපදෙස් මත විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බවද වීරසේකර මහතා වැඩි දුරටත් පවසන ලදි.