ශ්‍රිපාද රක්ෂිතය තුල අනවසරයෙන් නිති විරෝධි ලෙස ගස් කපමින් සිටි පුද්ගලයන් දෙදෙනකු නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ ශ්‍රිපාද රක්ෂිතයට ඇතුල්වි කිසිදු අවසරයකින් තොරව නිති විරෝධි ආකාරයෙන් ගස් කපමින් සිටි පුද්ගලයන් දෙදෙනකු 04වන දින අත් අඩංගුවට ගත් බවත්ය.
වයස අවුරුදු 38ත් 35ත් වයස්වල පසුවන මෙම දෙදෙනා නල්ලතන්නිය වතුයායේ පදිංචි කරුවන් බවත් නල්ලතන්නිට ශ්‍රිපාද මාර්ගයේ තාවකාලික වෙළද සැලක් ඉදි කිරිම සදහා මෙම ගස් කැපිම සිදු කරන්නට ඇතැයි සැක සිතන බවද එම නිලධාරියා පැවසිය.
මෙම දෙදෙනා අත් අඩංගුවට ගන්නා විට ඔවුන් ශ්‍රිපාද රක්ෂිතයේ ගස් දෙකක් කපා ඇති බවත් අත් අඩංගුවට ගත් එම දෙදෙනා හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.