Spread the love

ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති අද (23) කොළඹ දී විරෝධතා ක්‍රියාමාර්ගයක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය අංශයේ විධායක නිලධාරී සේවා ගණයට අයත් ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, පශු වෛද්‍යවරුන්, විශේෂඥ හා තාක්ෂණික නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති මේ සඳහා එක්වන බවයි සඳහන් වන්නේ.

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති ඒ.එච්.එල් උදයසිරි වැඩිදුරටත් සඳහන් කළේ සිය ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි .