Spread the love

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණිකවේදීන් මහරගම අපේක්ෂා රෝහලේ ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (08) සිව්වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

අතිකාල දීමනා සීමා කිරීමට බලධාරීන් ගත් තීරණයට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ලේකම් කීර්ති ඈපා මහතා පැවසීය.

සිය සේවා මුරයට අමතරව අතිකාල කිරිමෙන් වැලකී සිටීයි.

ඒ හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටියි.

එහි වගකීම රජය භාර ගතයුතු බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.