Spread the love

මුල්කිරිගල ගුනරත්න


වලස්මුල්ල සිත්තම්ගල්ලෙන රජමහා විහාරස්ථානයේ පහල ලෙන් විහාරයේ පිහිටා ඇති දහඅට රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ උරහිස ආසන්නයෙන් කිසිවෙකු විසින් හාරා එම පිළිමයට හානි සිදුකර ඇතැයි වලස්මුල්ල පොලිසිය පවසයි .
මෙය නිදන් වස්තු සෙවීමේ අරමුණින් සිදුකරන ලද කැණීමක් බවට සැකකරන බවද පොලිසිය කියයි.
මෙම රජමහා විහාරස්ථානය වලගම්බා රජ සමයේ සිට පැවතඑන ඓතිහාසික සිද්ධස්ථානයක් ලෙස සැලකේ.
මේ දිනවල විහාරස්ථානයේ නඩත්තු කටයුතු වල නිරතව සිටින පුරාවිද්‍යා නිළධාරින් ,කාර්මික නිළධාරින් සහ පෙදරේරුවන් අධීක්ෂණය කිරීම සදහා විහාරාධිකාරි පූජ්‍ය කපුගම්පොත වන්ගිස්වර් හිමිපාණන්ගේ ඉල්ලීමක් අනුව පැමිණි වලස්මුල්ල ,කටුවන ප්‍රදේශ බාර පුරා විද්‍යා නිළධාරිණිය ඉහළ මාලයේ උලුවස්සක් සවිකිරීම පරීක්ෂා කිරීමට (20) පහල ලෙන් විහාරය ප්‍රදේශයට ගොස් ඇති අතර එවිට බුද්ධ ප්‍රතිමාවේ පසුපස උරහිස ආසන්නයෙන් අගල් හයක පමණ පළලට සහ අගල් හයක් පමණ ගැඹුරට සිදුරු කර ඇති බව දැක ඇතැයි පොලිසිය පවසයි .
මෙම ලෙන් විහාරය විහාරස්ථානයේ ආවාස ගෙයට තරමක් දුරින් පිහිටා තිබුනද විහාරවාසී හිමිවරුන් එම සිදුවීම දැක නැතැයි පොලිසිය කියයි .
සිද්ධිය පිළිබඳව වලස්මුල්ල කටුවන ප්‍රදේශ බාර පුරා විද්‍යා නිළධාරිණිය (20) සිද්ධිය පිලිබදව වලස්මුල්ල පොලිසියට පැමිණිලි කර ඇත .
වලස්මුල්ල පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .