Spread the love

නිමල් රාජපක්ෂ-

සිය ඉල්ලීම වලට ලබන 18 වැනිදා විසදුමක් නොදුන හොත් පසුදා සිට යළිත් වර්ජනය දියත් කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ වසන්ත මහතා පවසයි.

දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා සමග සාකච්ඡාවේ දී අපේ ඉල්ලීම් වලින් යම්කිසි කොටසකට සාධනීය පිළිතුරු ලැබුණ හෙයින් දුම්රිය ස්ථානාධිපතිවරුන් දියත් කළ වැඩ වර්ජනය ලබන 18 වන අගහරුවාදා වනතෙක් තාවකාලිකය අත්හිටවු බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා වැඩි දුරටත් පැවසුවේය.

. නමුත් උසස්වීම් සහ අනෙකුත් කාරනා පිළිබඳ නිශ්චිත පිළිතුරක් ලබාදීමට නොහැකි වූ නිසා වැඩ බලන අමාත්‍යවරයා මේ අවස්ථාවට පැමිණිලා අදාළ අංශ එක්ක සාකච්ඡා කරලා පිළිගත්තා දෙපාර්තමේන්තුවෙන් යවපු කැබිනට් පත්‍රිකාව සහ අමාත්‍යංශයෙන් ‍යොමු කරපු ලිපිය අතර පරස්පරතාවයක් නිසා තමයි මේ ගැටලුව මතුව් ඇත්තේ කියා . එක නිවැරදි කිරීම අඟහරුවාදා රාජ්‍ය සේවා කොමිෂන් සභාව රැස්වෙන මොහොතේ දී අනුමැතිය ලබාදීලා අවශ්‍ය කටයුතු කරන්න පොරොන්දුව වුවා.
සමස්ත දුම්රිය සේවයේ ප්‍රශ්න විසඳන්නේ නැතිව කොටස් කොටස් ගෙනයාමෙන් ඇති වු ගැටලු තමයි මේවාට මූලික වෙලා ති‍යෙන්නේ. අපි හිතනවා සුබවාදි පිළිතුරක් ලබා දෙයි කියා.