Spread the love

විශේෂ දවස දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

අදාල ලිපිය මහනාහිමිවරුන්ට සහ දළදා මාලිගාවේ දී දියවඩන නිලමේවරයාට භාරදුන් බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මෙම ඉල්ලීම සම්බන්ධයෙන් මල්වතු මහ නාහිමියන් සඳහන් කර ඇත්තේ මේ වන විට දළදා තේවාව භාරව සිටින්නේ අස්ගිරි පාර්ශවය බැවින් මේ පිළිබඳ අස්ගිරි මහ නාහිමියන් සමඟ සාකච්ඡා කිරීම සුදුසු බවයි.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා අස්ගිරි මහා නා හිමියන් හමුවී මේ පිළිබඳව සාකච්ඡා කළ විට උන්වහන්සේ ‘සියලු දෙනාටම මෙය අමාරු කාර්යයක් නේදැයි’ පෙරලා ප්‍රශ්න කර ඇත.

අනතුරුව අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා ගේ විශේෂ ලිපිය දියවඩන නිලමේවරයා වෙත භාර දී ඇත.

එළඹෙන පෙබරවාරි මාසයට මෙරටට නිදහස ලැබී හැත්තෑ පස්වන සමරු උත්සවය යෙදෙන බැවින් ඊට සමගාමීව රටට සෙත් පතා විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට ජනාධිපතිවරයා ගේ අදහස වී ඇති බව අගමැතිවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී සහ මහනාහිමිවරු සහ දිය දියවඩන නිලමේවරයා සාකච්ඡා කර තීරණයක් ගනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.