Spread the love

රජයේ සියලුම විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක අතුරු දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇත..

සැප්තැම්බර් මාසයේ දීමනාව සමඟ මෙම අතුරු දීමනාව ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක වන බවයි එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

අදාළ චක්‍රලේඛයේ පිටපත්, මැතිවරණ කොමිෂන් සභාව, මහා භාණ්ඩාගාරය සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවටද යොමු කර ඇති බව වාර්තාවෙයි.