Spread the love

සමගි ජනබල වේගය විසින් පවත්න ලද විරෝධතා පාගමනට පහර දෙන ලද සියලුම පොලිස් නිලධාරීන් තම පක්‍ෂයේ බුද්ධි අංශය විසින් මෙවන විට හඳුනාගෙන ඇතැයි එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මතය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

එම සියලු දෙනාටම එරෙහිව පෞද්ගලිකව මානව හිමිකම් නඩු පවරා අධිකරණයට ගෙන යන බවද ඇය කියා සිටියාය.

මේ ආකාරයේ ප්‍රහාරයක් විපක්ෂයේ ප්‍රධාන පක්ෂයට එල්ල කරන ලද්දේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බවද ඇය කියා සිටියි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඇය මෙම අදහස් පළ කරන ලදී.