Spread the love

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සහය ද ඉදිරියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් මහතා සඳහන් කරයි.

මෛත‍්‍රීපාල සිරිසෙන, ඩලස් අලහප්පෙරුම, නිමල් ලංසා, රොෂාන් රණසිංහ වැනි කණ්ඩායම් අද විවිධ සන්ධාන හදමින් සිටියද ඔවුන් සියලු දෙනා ජනාධිපතිවරණය ආසන්න වෙද්දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනු ඇති බවද ඔහු පැවසීය

ඒ අනුව වර්තමානයේ බිහිවෙමින් ඇති සියලු සන්ධාන ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායට එක්වනු ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර සමුළුව අමතමිනි.

රනිල් වික‍්‍රමසිංහ මහතා තරග වදින නිසා කිසිම විටෙක සමගි ජනබලවේග නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඉදිරි ජනාධිපතිවරණයට තරග නොවදිනු ඇති බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.