Spread the love

2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර විභාග සම්බන්ධීකරන මධ්‍යස්ථාන කරා බෙදා හැරීම මේවන විට සිදුවන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

දින 05 අවශ්‍ය ප්‍රශ්න පත්‍ර එලෙස සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදා හැරීම සිදු වෙයි.

අනෙකුත් ලිපි ද්‍රව්‍ය බෙදා හැරීම මේවන විට අවසන් කර තිබේ.

මේ අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන්,බන්ධනාගාර රැදවියන් හා පිළිකා රෝගීන් සදහා මෙවර ද විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇතිබව එහිදී පැවසීය.

නේවාසිකව ප්‍රතිකාර ලබන ඩෙංගු වැළදුණු විභාග අපේක්ෂකයන් ඇත්නම් විශේෂඥා උපදෙස් මත ආසන්නතම විභාග මධ්‍යස්ථානයේ විභාගයට පෙනීසිටිමට අවස්ථාව ලබා දෙන බව වැඩි දුරටත් කීවේය.

.