Spread the love

සමගි ජනබලවේගය පක්ෂය නිදහසින් පසු විපක්ෂයේ කාර්‍ය භාරය නිසියාකාරව සිදු නොකර පළමු පක්ෂය බවට මෙවර ජනාධිපතිවරණයේදී ඔප්පු වූ බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ලේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ හේතුවෙන් 03% ඡන්ද ප්‍රතිශතයක් පැවති ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බල වේගය පක්ෂයේ අපේක්ෂකයා ජයගත් බව පැවසීය.

අභියෝග ජය ගනිමින් විපක්ෂය කාර්ය භාරය රනිල් වික්‍රමසිංහ මහතා කරන බවත් ඉදිරි මහ මැතිවරණය සඳහා පුළුල් සන්ධානයකින් තරග කිරීමට කටයුතු කරන බවත් පැවසීය.