Spread the love

කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කල තිලිණ ගමගේ මහතා අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මොරටුව දිසා විනිසුරුවරයා ලෙස ස්ථාන මාරු කර ඇත.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම පියවර ගෙන ඇත්තේ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලෙස පත් කරමිනි.

කොටුව මහේස්ත්‍රාත් ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය පත්කිරීමට කටයුතු කර තිබේ.