මිරිස්ස මුහුදේ දිය නෑමට ගොස් සිටි කොරියානු ජාතික කාන්තාවක් දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටි අවස්ථාවේදී වෙරළ ආරක්ෂක බළකා, ජීවිතාරක්ෂක නිලධාරීන් ඇය ගොඩට ගෙන මාතර රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඇය මියගොස් සිට ඇතැයි වැලිගම පොලීසය පවසයි. .
අනතුර සිදු වි ඇත්තේ ඊයේ (13) සවස් කාලයේදී යි.
එලෙස මියගොස් ඇත්තේ, 37 හැවිරිදි දකුණු කොරියානු ජාතික කාන්තාවකි.
සිද්ධිය පිළිබද වැලිගම පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.