හෙට (16) සිට ක්රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 22.5% කින් පහළ දැමීමට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර ඇත.
ඒ අනුව ගාස්තු සංශෝධනය වන ආකාරය පහතින්.
ඒකක 30ට අඩු – ( රු. 8 සිට රු.6 දක්වා අඩු කෙරේ), ඒකක 30-60 අතර – ( රු. 20 සිට රු.9 දක්වා අඩු කෙරේ)
ඒකක 60 ට වැඩි කාණ්ඩ, පළමු ඒකක 60 දක්වා – ( රු. 25 සිට රු.15 දක්වා අඩු කෙරේ), ඒකක 61-90 අතර – ( රු. 30 සිට රු.18 දක්වා අඩු කෙරේ)
ඒකක 91-120 අතර – ( රු. 50 සිට රු.30 දක්වා අඩු කෙරේ), ඒකක 121-180 අතර – ( රු. 50 සිට රු.42 දක්වා අඩු කෙරේ)
ඒකක 180 ට වැඩි – ( රු. 75 සිට රු.65 දක්වා අඩු කෙරේ)