Spread the love

මුල්කිරිගල ගුනරත්න

හම්බන්තොට බදගිරිය මහ විදුහලේ ගෘහ විද්‍යාගාරයේ තිබූ රුපියල් 80000 (අසූදහසක් ) ක් පමණ වටිනා දේපළ සොරාගෙන ගොස් ඇතැයි හම්බන්තොට මූලස්ථාන පොලිසිය පවසයි .

පාසල්නිවාඩු කාලය තුළදී . වහලයේ උලු ඉවත් කර ගෘහ විද්‍යාගාරය ඇතුළු වී එහි තිබු ගෑස් ලිපක්, ගෑස් සිලින්ඩරයක් විදුලි පංකා දෙකක් සහ තණකොළ කපන මැෂිමක් සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය පිලිබදව බදගිරිය මහ විදුහලේ වැඩ බලන විදුහල්පති වරයා පොලිසියට පැමිණිලි කර තිබේ .

හම්බන්තොට මූලස්ථාන පොලිසිය සිද්ධිය පිළිබද වැඩි දුර පරික්ෂන පවත්වයි..