Spread the love

ලාබ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමෙන් මෙරටට ලැබෙන වාසි පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පැහැදිලි කළේය.

ඒ, කොළඹදී පැවති අයවැය පසු විපරම් සමුළුවක් අමතමිනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින් විසින් 2023 අයවැය පසු විපරම් සමුළුවක් අද කොළඹදී එලෙස සංවිධාන කර තිබුණි.

“බාධක අභිබවා ඉලක්ක වෙත ළඟාවීම” යන තේමාව යටතේ සංවිධාන කළ මෙම සමුළුවේ ප්‍රධාන ආරාධිතයා වුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය.

එහිදී අදහස් දැක්වූ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා,

“ඇයි මේ ලාභ ලබන ආයතන විකුණන්නේ අහනවා. මේකෙන් රටට විශාල හානියක් වෙනව කියනවා. මේවා කරලා හරි ගියේ නැහැනේ කියනවා..ශ්‍රී ලන්කන් ගුවන් සේවය, රක්ෂණ, හිල්ටන්, හා අනෙක් ආයතන අපි විකුණන්නේ ඩොලර්වලට. බිංදුවට තියෙන අපේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 3කින් වත් වැඩි වෙනවා. සංචිත වැඩි වුණාම ගෙදර කුස්සියේ මුදල් ශක්තිමත් වෙනවා. අපේ විශ්‍රාම වැටුප්, සේවක අර්ථ සාධක අරමුදල දැන් 50% කින් අඩපණ වෙලා තියෙන්නේ..බාල්දුවෙලා. ඒක ආයෙත් දියුණු වෙනවා.”

“ඉතින් අපි මොකක්ද කරන්න ඕනේ. ජනතාව ශක්තිමත් කරනවාද?.. නැත්නම් ජනතාවගේ මුදල් අරගෙන ආපසු ගුවන් සමාගම්වලට දානවාද?.. මං බලන්නේ මිනිස්සු දිහා.. ගොඩනැගිලි හෝ සමාගම් දිහා නෙමෙයි.”