Spread the love

කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් හැර අනෙක් සියළුම සිසුන්ට විශ්වවිද්‍යාලයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇතත් සිසුන් පිරිසක් තවදුරටත් එම විශ්ව විද්‍යාල භූමියේ රැඳී සිටිති.

ඔවුන් හැලි වලංගෙන ගෙනවික් විශ්ව විද්‍යාල භූමියේ උයා පිහාගෙන කමින් සිටිති.

ඔවුන් කියා සිටින්නේ පාලකයන් විසින් පවතින ගැටලුවට විසඳුම් දීම මිස විශ්ව විද්‍යාලය වසා දැමීම ගැටළුවට පිළිතුරක් නොවන බවයි.

සරසවියේ ආරක්ෂක අංශ නිලධාරියකු විසින් සිසුවෙකුගේ මවකට සිදු කළේ යැයි කියන ලිංගික අතවරයක් මූලික කරගෙන මෙම අර්බුදකාරී තත්ත්වය ඇති වී තිබේ.

පසුව සිසුන් විසින් ආරක්ෂණ නිධාරීන් සිව් දෙනෙකු පැහැර ගෙන ගොස් පහර උපහාර දී එක් ආරක්ෂක නිලධාරියකු විශ්ව විද්‍යාලයේ විදුලි පහන් කණුවක ගැට ගසා තිබින.

සිදුවීම සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ සිදු වෙමින් ඇත.