දේශපාලන පාතාලයකට රාජ්‍යය ගිල ගන්නට නොහැකි වෙන ආකාරයට රටේ ස්වාධීන නීතියක් ස්ථාපිත කිරීමත්, රටේ ස්වාධීන පොලිසියක් ස්ථාපිත කිරීමත් අත්‍යවශ්‍ය බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාව ගත් ක්‍රියාමාර්ගය පිළිබඳ අධිකරණය විසින් ලබා දුන් තීන්දුව නොපිළිගෙන ක්‍රියා කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි..
විතරක් නෙවෙයි. ඔහුට එරෙහිව ඔහුගේ කාලය තුළ විවිධ අකටයුතු පිළිබඳ චෝදනා රැසක් පැන නැගිලා තියෙනවා. ඒක මේ මුළු රටම දන්න කාරණයක්. පොලිස් දෙපාර්තමේන්තුවත් දන්න කාරණයක්. දැන් පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය එහි ස්වාධීනත්වයත් අගයමින් නීතිය හා සාමය ගෙනියන්න පුළුවන් ඍජු පොලිස්පතිවරයෙක්, එහෙම නැතුව පොලිස් ඇමතිගේ හෝ ජනාධිපතිගේ හෝ ඒ කැබිනට් මණ්ඩලය හෝ ආණ්ඩු පක්ෂයේ හෝ අතකොළුවක් හැටියට නීතිය පාවිච්චි කරන කෙනෙක් නෙවෙයි.
ඒ වගේම රහස් පොලිසිය, බුද්ධි අංශ ඒ වගේම පොලිස් විමර්ශන කටයුතු ආදිය කිසිම ආකාරයක මැදිහත්වීමකින් තොරව කරන ඍජු පොලිස් නිලධාරියෙක් තමයි අවශ්‍ය. ඒ වගේම ඔහුට පොලීසියේ විශ්වසනීයත්වය දිනා ගැනීමත් අවශ්‍යයි. අද අපිට පේනවා පොලිසිය ඇතුලේ එවැනි කිසිම විශ්වසනීයත්වය ගොඩනගා ගැනීමක් නෑ. සමහර නියෝජ්‍ය පොලිස්පතිවරු අධිකරණයේ සහය පවා පතලා තිබෙනවා. තමන්ගේ ඊළඟ උසස්වීම් පිළිබඳ කාරණා සම්බන්ධයෙන්.
ඒ නිසා ජනාධිපතිවරයා මේ මොහොතේ රට තවත් අවුල් ජාලා වලට ඇද දමමින් කටයුතු කරන් නැතුව ශ්‍රේෂ්ඨාධිකරණය දීලා තියෙන තීරණය අනුව වැඩ බැලීම සඳහා පොලිස්පතිවරයෙක් පත් කිරීමයි. ඉතින් ඔහු ඒකට තර්කයක් හැටියට ගේනවා නම් ඔහු ඡන්දය ඉල්ලනවා කියලා ඔහු තාම නාමයෝජනා ඉදිරිපත් කරලත් නැහැ. නාමයෝජනා ඉදිරිපත් කළත් ඔහු රටේ ජනාධිපති. ඒක ඔහුගේ වගකීමක්. ඔහු ඒ වගකීම ඉටු කරන්නේ නැත්නම් ඔහු ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවට ඒක පරිවර්තනය වෙනවා. ඒක ඒක ඒ වගේම ඔහු මේ කාර්යය කරන්නෙත් වැඩබලන ජනාධිපතිවරයෙක් හැටියටයි. ඒ නිසා ඔහු සෘජු ඡන්දයෙන් පාවිච්චි වෙච්ච ජනාධිපතිවරයෙක් නෙවෙයි. ඔහුට ව්‍යවස්ථාවේ ඇතැම් බලතල ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැහැ.
ඉතින් එම නිසා ඔහු මේ අවස්ථාවේ ක්‍රියා කළ යුත්තේ ව්‍යවස්ථාවට අනුකූලවයි. එසේ නොමැතිව මේ රටේ නීති ක්ෂේත්‍රයත්, නීතිය පිළිබඳ උනන්දුව දන්න පිරිසුත් ඒ වගේම විදේශමය වශයෙන් අපේ රට දිහා බලන් ඉන්න පිරිසුත් ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදිය විසින් ඉදිරිපත් කරලා තියෙන බොහෝ දෑ පිළිබඳ ආණ්ඩුව බොහොම උත්කර්ෂයෙන් කතා කරනවා. එහි තිබෙන යහපාලන මූලධර්මත් සියල්ලම උල්ලංඝනය කිරීමක් තියෙන්නේ.
වඩාත්ම වැදගත් දේ තමයි එළඹෙන ජනාධිපතිවරණය තමන්ට රිසි ආකාරයට හසුරවා ගැනීමට හැකි පොලිස්පතිවරයෙක් යොදා ගැනීමට දරන උත්සාහය ඉතාමත්ම වැරදි සහගතයි. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ගණනාවක් ඉන්නවා. ඔවුන් අතරින් දැනට යම් යම් ක්ෂේත්රවල චෝදනා නැති පිරිසිදු, ජ්‍යෙෂ්ඨම නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සඳහා පත් කිරීමෙන් මේ ප්රශ්නය විසඳගන්න පුළුවන්. ඒ වගේම මැතිවරණයට මෙයින් කිසිම බාධාවක් නැහැ. මොකද මැතිවරණය සඳහා පොලීසියෙන් දැනටමත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත් කරලා තියෙනවා. ඒ සඳහා තමන්ට කිසිම ප්‍රශ්නයක් නැති බව මැතිවරණ දෙපාර්තමේන්තුවත් ප්‍රකාශ කරලා තියෙනවා.