පැය 10 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය රත්නපුර ඇහැලියගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 101 ක වර්ෂාපතනයක් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම කාලය තුළ ලක්ෂ කන්ද ප්‍රදේශයට මිලිමීටර් 95.5 වර්ෂාපතනයක් සහ කළුතර හල්වතුර ප්‍රදේශයට මිලිමිටර් 66 වර්ෂාපතනයක් ලැබී තිබේ.
මේ අතර එම කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මිලිමීටර් 50 ඉක්මවූ වර්ෂාපතනයන් ලැබී ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.