Spread the love

මුල්කිරිගල – ගුණරත්න.

මෙවරත් දිවයිනේ වැඩි ම තේ මිල දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය පෝතොටුව තේ කම්හල වාර්තා කරගනී.එම තේ කම්හල අමු තේ දළු කිලෝ එකක් සඳහා රැපියල් 285ක් ගෙවා ඇත. එය පසුගිය මසට වඩා අමු තේ දළු කිලෝ එහෙකට රැපියල් 20 ක වැඩි වීමක් බව වාර්තාවේ. දිවයිනේ දිස්ත්‍රික්ක 11 ක කුඩා තේ වතු හිමියකන් ලක්ෂ 5 ට අධික පිරිසක් තේ වගාවේ නිරතව සිටින ,අතර දිවයිනෙ තේ කම්හල 517 ක ලක්ෂ 5 ට අධික පිරිසක් සේවය කරයි .
මේ අනුව ඒ ඒ දිස්ත්‍රික්ක වල වැඩිම මිල වාර්තා කර ඇති තේ කම්හල්…

  • හම්බන්තොට හඳුගල තේ කම්හල අමු තේ දළු කිලෝ එකක් සඳහා රැපියල් 245 යි.
  • ගාල්ල එවර්ග්‍රීන් තේ කම්හල අමු තේ දළු කිලෝ එකක් සඳහා රැපියල් 237.60 යි.
  • බදුල්ල ඌව වහල් තේ වත්ත තේ කම්හල අමු තේ දළු කිලෝ එකක් සඳහා රැපියල් 200 යි.
  • කොළඹ අවිස්සාවේල්ල තේ කම්හල අමු තේ දළු කිලෝ එකක් සඳහා රැපියල් 257යි.
  • කළුතර ගලතර තේ කම්හල අමු තේ දළු කිලෝ එකක් සඳහා රැපියල් 249යි.
  • මහනුවර ස්ටෝර්ලිප් තේ කම්හල අමු තේ දළු කිලෝ එකක් සඳහා රැපියල් 197යි.
  • කෑගල්ල කොළොන්න තේ කම්හල අමු තේ දළු කිලෝ එකක් සඳහා රැපියල් 251 යි.
  • මාතලේ මවුන් එළිය තේ කම්හල අමු තේ දළු කිලෝ එකක් සඳහා රැපියල් 157යි.
  • නුවරඑළිය නුවරඑළිය තේ කම්හල අමු තේ දළු කිලෝ එකක් සඳහා රැපියල් 223යි.
  • රත්නපුර නිදැල්ල තේ කම්හල අමු තේ දළු කිලෝ එකක් සඳහා රැපියල් 237යි.

ඒ ඒ දිස්ත්‍රික්ක වල වැඩි ම තේ මිල එම තේ කම්හල් වාර්තා කර ගෙන ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.