Spread the love

රුපියල් ලක්ෂ 5ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ දුර්ලභ වර්ගයේ වාලම්පුරියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, දියතලාව කහඹිලිය නව ගම්මානයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු තවත් පුද්ගලයකුට අලෙවි කිරීමට සූදානම් වන බවට ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලීසිය සමඟ එක්ව කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.