Spread the love


නිමල් රාජපක්ෂ-

කිරි අල හා තවත් එළවළු බෝග කිහිපයක් ඩොලර් මිලියන 293ක් වැය කර ආනයනය කිරීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමති මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නියෝග කරයි

අප රටේ වැවීමට හැකියාව තිබිය දී කිරි අල ඇතුළු එළවළු හා හා අල බෝග විදේශ රටවලින් ආනයනය කර ඇතැයි ද, මේ සඳහා ඩොලර් මිලියන 293ක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කර තිබිනි.

අදාල ප්‍රකාශයේ දැක්වෙන පරිදි කිරි අල ඇතුළු එළවළු වර්ග කිහිපයක් මෙරට වගා කිරීමට හැකියාව තිබිය දී ආනයනය කර ඇත්ද යන්න සම්බන්ධව තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (23) දින කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නියෝග කළේය.